Wednesday, May 8, 2024

සංචාරය 🌳🏔🍃🍂



 

සංචාරය යනු බොහෝ දෙනා  විනෝද වීමට, පරිසරය නැරඹීමට වැනි විවිධ  හේතු මත තමන් දන්නා තැනක් නැතිනම් ප්‍රසිද්ධ තැනක් වෙත යාමයි. වර්තමානයේ බොහෝ විට සිදු වන්නේ ඡායාරෑප ගැනීම විනෝද වීමම පමනයිපරිසරය විදීමට යන පිරිස නැතිතරම්විනෝද වීම හා අවසානයේ කසළ ගොඩවල් පමනක් ඉතිරි වීම දැකගත හැකි අසතුටුදායක දෙයකි

ඕනෑම නැරඹුම් ස්ථානයක එයට ආවේනික කලාවක් සුන්දරත්වයක් තිබේඑය රසවිදීමට යොමු වන්නෙ නම් අප පරිසරයට ආදරය කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාව යනු සංචාරක කර්මාන්තය සිදු කරන රටකිඑයට හේතුව විවිධ සංචාරක ස්ථාන රැසක් අපට හිමිව තිබීමයි

උදාඇල්ල යනු ලොව හොදම ඔක්සිජන් පවතින පරිසර කලාපයකි

  පරිසරයට හිමි වටිනාකමක් අපගේ රට තුල තිබේ

පිරිසිදු ජලය ස්පර්ශ කිරීමටපිරිසිදු වාතය ආශ්වාස කිරීමටලස්සන දසුන් ඇස ගැටීමට ලැබීම තරම් මනස සුවපත් කරනසංචාරයක් තවත්  නොමැත

බොහෝ විට වර්ථමානයේ හෝටල් ඉදි කරන්නේ නගරයෙන් බැහැර නිස්කලංක පරිසරය තුලයකදු ගංගා ඇළ දොළ ආශ්‍රිතවයබොහෝ දෙනා දැන් සොයන්නේ නිදහස.නගරයක  සැප පහසු කාමරයක ගිමන් නිවීම වෙනුවට ගමක කදු ගැට්ටක හුදකලාව මීදුමසීතල ජලය සහිත තැනක ගිමන් නිවීම රුචිකත්වය වී ඇත

පරිසරය විනාශ කරන මිනිසාම පරිසරය සොයා ගුණ ගයනවා වෙනුවට පරිසර රැක ගනිමින් සංචාරය කරන තැන මතක සටහන්රැගෙන පිය සටහන් පමනක් තබා පැමිණීම තුළින් හෙටට පරිසරයක් ඉතිරි වෙයි🍃🌳🌈🏔🌄

 

Tuesday, May 7, 2024

අනුරාධපුරය 🌼


 අනුරාධපුරය යනු අපගේ පලමු රාජධානියයිඅද උතුරු මැද පලාතේ අග නගරයයිමල්වතු ඔය අසබඩ පිහිටා ඇතඅනුරාධපුරයශ්‍රී ලංකාවේ දීර්ඝතම රජධානියයික්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම්සිංහලේ අගනුවර වශයෙන් පැවතුනිඑම කාලය තුල ඉතාම බලවත් සහ ස්ථාවර සහ කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්‍රයක්හා ජනජීවිතයක් පැවතුනිඑමෙන්ම එය ඉතා පොහොසත්අනභිබවනීය සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණිඅනුරාධපුරය පෞරාණික නගරය බෞද්ධ ලංකාව තුල ඉතා වැදගත් හා පූජනීය ස්ථානයක් ගනීලංකාවේ ප්‍රධානතම පුරා විද්‍යාස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය හැක.

අනුරාධපුර රාජධානි සමයේ කැපී පෙනෙන රජවරු අතර පණ්ඩුකාභය රජු,දේවානම්පියතිස්ස රජුදුටු ගැමුණු රජු ,මහසෙන් රජුආදී රජවරු කැපී පෙනෙයි

සොළොස්මස්තාන රුසක් මෙම නගරය කේන්ද්‍රව පවතියි

විශාල දාගැබ් වැව් වාරි කර්මාන්ත තාක්ෂණය පුරාණ නටබුන් රුසක් පවතියි

  • රුවන්වැලි මහා සෑය
  • මිරිසවැටිය
  • අභයගිරිය
  • ථූපාරාමය
  • ශ්‍රි මහා බෝධිය 
  • ලෝවාමහාපාය
  • මිහින්තලය
  • ඉසුරුමුණි විහාරය                                           ආදී බෞද්ධ සිද්ඨස්ථාන රුසක් අනුරාධපුර භූමිය ස්පර්ශ කරගෙන සිටියිඑම ස්වභාව සෞන්දර්ය හා බැදුනගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්ප ඔප කරන්නේ අනුරාධපුරය වැනි වටිනා නගර විසිනි

එමෙමන්  කලා ශිල්ප ඇතුළු පෞරාණික වස්තූන් රැසක්  හිමි වෙයිසංචාරක ආකර්ෂණය දිනූ නගරයකි

Saturday, April 13, 2024

නුවරඑළිය⛰🍄🍃




 ශ්‍රී ලංකාවේ කදුකරයේ උසින් පිහිටි අලංකාර භූ දර්ශනයක් සහිත සංචාරක ආකර්ශනයක් සහිත ප්‍රදේශයක් ලෙස නුවරඑළියහදුන්වන්න පුලුවන්ශීත දේශගුණයක් මෙන්ම තේ වගාවට එළවලු වගාවට ප්‍රසිද්ධය.ලොව අනර්ඝතම තේ වැවෙන්නෙනුවරඑළියේයනුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලිමට හෝ තේ මිලදීගැනීමට අවස්ථාව සලසා දෙති.උදා:Damro tea 

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දියඇලි ගනනාවක් ආරම්භ වන අතර,

  • ලක්ෂපාන 
  • ඩන්සිනන් ඇල්ල
  • ඇබර්ඩින් ඇල්ල
  • රම්බොඩ ඇල්ල
  • ශාන්ත ක්ලෙයාර් ඇල්ල
  • බේකර්ස් ඇල්ල               ඉන් කිහිපයකි.

ස්ටෝබෙරි වගාව අද වන විට තවත් දියුණු වී තිබේ වගේම සංචාරක ස්ථාන රැසක් අපට දැක බලා ගත හැකි වෙයි

  • ෙග්‍රගරි වැව 
  • හෝර්ටන් තැන්න ආරම්භය 
  • සීතා අම්මාන් කෝවිල
  • වික්ටෝරියා උද්‍යානය
  • ගැල්වේ කුරුලු උයන     ඉන් සුලු ප්‍රමාණයකි

සංචාරක නිකේතන රැසක් ඉදිකර තිබේසංචාරකයන් හට සුදුසු පරිදි නවාතැන් ගැනීමට හොටල් අධික ප්‍රමාණයක් ඇතනුවරඵළියටම විශේෂ වූ මල් වර්ගභෝග වර්ගපළතුරු වර්ගඑළවලු වර්ග දක්නට ලැබේ


ඉතාමත් පිරිසිදු නගරය නිදහස් අලංකාර පරිසරයක සුව විදින්න නම් නුවර එළිය හොද ගමනාන්තයක් වේවි


Sunday, April 7, 2024

How I started to love nature 💐🍄🍃🥰




මේ ලංකාවේ ඕන තරම් ලස්සන තැන් ඇති ඒත් අදටත් එක තැනක් තියනවා මගෙ හිතේ උඩින්ම තියන  රිවස්ටන්මන් මේ වෙනකොට එහෙ හත් අට පාරකට වඩා යන්න ඇතිඒත් අද යන් කිව්වත් හෙට ආයෙත් යන් කිව්වත් මන් ආසාවෙන් සතුටින්යනවාඅනික මට ආඩම්බරයි මගෙ ගම ත් රිවස්ටන් වලට ලග නිසා  කියන්නෙ රත්තොටට ලග නිසා

හැමදාමත් මාව  පරිසරය විදින්න එක්කන් ගියත් එහෙ පදිංචි වෙමු කිව්වත් මං නම් හා කියනවා. Visit nature කිව්වත් මටනම් මතක් වෙන්නෙ රිවස්ටන් මයිඑක තැනක අව්ව තව විනාඩියකින් මීදුම් තවත් පොඩ්ඩක් ඉස්සරහට යද්දි වැස්ස සීතලකොලම කොල පාටට ගස් විතරමයිනකල්ස් කදු වල ලස්සන ලංකාවේ නොයිදුල් පිරිසිදුම පරිසරය තමා මේරිවස්ටන් කියන්නෙම භාවනාවක් වගේස්වභාවික පරිසරයට ඇහුම්කම් දෙන්න ,විදින්න පුලුවන් තැනක්. So  I love nature ♥️🍃🌳

Friday, March 29, 2024

Sembuwatta lake - Matale🍃😍


 සෙම්බුවත්ත වැව යනු ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ කැම්බල් පටුමග රක්ෂිතයට යාබදව පිහිටි සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයකි.මෙය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකරන ලද මිනිසා විසින් සාදන ලද විලකි.කදු මුදුනක වැවක් මෙන් විලක් වන මෙය මීදුමෙන් වැසෙන සීතල පරිසරයක පයිනස් වතු මෙන්ම වැව අසල ස්වභාවික පිහිනුම් තටාකයක් ඇතසෙම්බුවත්ත වැවමීටර් 9 සිට මීටර් 12 දක්වා ගැඹුරු යැයි විශ්වාස කෙරේ.


ක්‍රි. 1949 දී  අසල තේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ලද අතර පසුව  සඳහා විදුලිය නිපදවීමට වැව ඉදිකරන ලදීකම්හල නැති වී බොහෝ කලක් ගත වී ඇතත් තවමත් ප්‍රදේශයේ නිවාසවලට විදුලිය සැපයෙන්නේ වැවෙන් නිපදවන විදුලි බලයෙනි.


නරඹන්නන්ගේ සංචාරක ස්ථානයක් වන මෙය ඉතාමත් නිශ්කලංකව බලා හිදින අලංකාර පරිසරයකි

සංචාරය 🌳🏔🍃🍂

  සංචාරය   යනු   බොහෝ   දෙනා     විනෝද   වීමට,   පරිසරය   නැරඹීමට වැනි විවිධ    හේතු   මත   තමන්   දන්නා   තැනක්   නැතිනම්   ප්‍රසිද්ධ  තැනක...