Wednesday, May 8, 2024

සංචාරය 🌳🏔🍃🍂



 

සංචාරය යනු බොහෝ දෙනා  විනෝද වීමට, පරිසරය නැරඹීමට වැනි විවිධ  හේතු මත තමන් දන්නා තැනක් නැතිනම් ප්‍රසිද්ධ තැනක් වෙත යාමයි. වර්තමානයේ බොහෝ විට සිදු වන්නේ ඡායාරෑප ගැනීම විනෝද වීමම පමනයිපරිසරය විදීමට යන පිරිස නැතිතරම්විනෝද වීම හා අවසානයේ කසළ ගොඩවල් පමනක් ඉතිරි වීම දැකගත හැකි අසතුටුදායක දෙයකි

ඕනෑම නැරඹුම් ස්ථානයක එයට ආවේනික කලාවක් සුන්දරත්වයක් තිබේඑය රසවිදීමට යොමු වන්නෙ නම් අප පරිසරයට ආදරය කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාව යනු සංචාරක කර්මාන්තය සිදු කරන රටකිඑයට හේතුව විවිධ සංචාරක ස්ථාන රැසක් අපට හිමිව තිබීමයි

උදාඇල්ල යනු ලොව හොදම ඔක්සිජන් පවතින පරිසර කලාපයකි

  පරිසරයට හිමි වටිනාකමක් අපගේ රට තුල තිබේ

පිරිසිදු ජලය ස්පර්ශ කිරීමටපිරිසිදු වාතය ආශ්වාස කිරීමටලස්සන දසුන් ඇස ගැටීමට ලැබීම තරම් මනස සුවපත් කරනසංචාරයක් තවත්  නොමැත

බොහෝ විට වර්ථමානයේ හෝටල් ඉදි කරන්නේ නගරයෙන් බැහැර නිස්කලංක පරිසරය තුලයකදු ගංගා ඇළ දොළ ආශ්‍රිතවයබොහෝ දෙනා දැන් සොයන්නේ නිදහස.නගරයක  සැප පහසු කාමරයක ගිමන් නිවීම වෙනුවට ගමක කදු ගැට්ටක හුදකලාව මීදුමසීතල ජලය සහිත තැනක ගිමන් නිවීම රුචිකත්වය වී ඇත

පරිසරය විනාශ කරන මිනිසාම පරිසරය සොයා ගුණ ගයනවා වෙනුවට පරිසර රැක ගනිමින් සංචාරය කරන තැන මතක සටහන්රැගෙන පිය සටහන් පමනක් තබා පැමිණීම තුළින් හෙටට පරිසරයක් ඉතිරි වෙයි🍃🌳🌈🏔🌄

 

Tuesday, May 7, 2024

අනුරාධපුරය 🌼


 අනුරාධපුරය යනු අපගේ පලමු රාජධානියයිඅද උතුරු මැද පලාතේ අග නගරයයිමල්වතු ඔය අසබඩ පිහිටා ඇතඅනුරාධපුරයශ්‍රී ලංකාවේ දීර්ඝතම රජධානියයික්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම්සිංහලේ අගනුවර වශයෙන් පැවතුනිඑම කාලය තුල ඉතාම බලවත් සහ ස්ථාවර සහ කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්‍රයක්හා ජනජීවිතයක් පැවතුනිඑමෙන්ම එය ඉතා පොහොසත්අනභිබවනීය සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණිඅනුරාධපුරය පෞරාණික නගරය බෞද්ධ ලංකාව තුල ඉතා වැදගත් හා පූජනීය ස්ථානයක් ගනීලංකාවේ ප්‍රධානතම පුරා විද්‍යාස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය හැක.

අනුරාධපුර රාජධානි සමයේ කැපී පෙනෙන රජවරු අතර පණ්ඩුකාභය රජු,දේවානම්පියතිස්ස රජුදුටු ගැමුණු රජු ,මහසෙන් රජුආදී රජවරු කැපී පෙනෙයි

සොළොස්මස්තාන රුසක් මෙම නගරය කේන්ද්‍රව පවතියි

විශාල දාගැබ් වැව් වාරි කර්මාන්ත තාක්ෂණය පුරාණ නටබුන් රුසක් පවතියි

  • රුවන්වැලි මහා සෑය
  • මිරිසවැටිය
  • අභයගිරිය
  • ථූපාරාමය
  • ශ්‍රි මහා බෝධිය 
  • ලෝවාමහාපාය
  • මිහින්තලය
  • ඉසුරුමුණි විහාරය                                           ආදී බෞද්ධ සිද්ඨස්ථාන රුසක් අනුරාධපුර භූමිය ස්පර්ශ කරගෙන සිටියිඑම ස්වභාව සෞන්දර්ය හා බැදුනගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්ප ඔප කරන්නේ අනුරාධපුරය වැනි වටිනා නගර විසිනි

එමෙමන්  කලා ශිල්ප ඇතුළු පෞරාණික වස්තූන් රැසක්  හිමි වෙයිසංචාරක ආකර්ෂණය දිනූ නගරයකි

සංචාරය 🌳🏔🍃🍂

  සංචාරය   යනු   බොහෝ   දෙනා     විනෝද   වීමට,   පරිසරය   නැරඹීමට වැනි විවිධ    හේතු   මත   තමන්   දන්නා   තැනක්   නැතිනම්   ප්‍රසිද්ධ  තැනක...