අනුරාධපුරය යනු අපගේ පලමු රාජධානියයි. අද උතුරු මැද පලාතේ අග නගරයයි. මල්වතු ඔය අසබඩ පිහිටා ඇත. අනුරාධපුරයශ්රී ලංකාවේ දීර්ඝතම රජධානියයි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම්සිංහලේ අගනුවර වශයෙන් පැවතුනි. එම කාලය තුල ඉතාම බලවත් සහ ස්ථාවර සහ කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්රයක්හා ජනජීවිතයක් පැවතුනි. එමෙන්ම එය ඉතා පොහොසත්, අනභිබවනීය සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණි. අනුරාධපුරය පෞරාණික නගරය බෞද්ධ ලංකාව තුල ඉතා වැදගත් හා පූජනීය ස්ථානයක් ගනී. ලංකාවේ ප්‍රධානතම පුරා විද්‍යාස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය හැක.
අනුරාධපුර රාජධානි සමයේ කැපී පෙනෙන රජවරු අතර පණ්ඩුකාභය රජු,දේවානම්පියතිස්ස රජු, දුටු ගැමුණු රජු ,මහසෙන් රජුආදී රජවරු කැපී පෙනෙයි.
සොළොස්මස්තාන රුසක් මෙම නගරය කේන්ද්‍රව පවතියි.
විශාල දාගැබ් වැව් වාරි කර්මාන්ත තාක්ෂණය පුරාණ නටබුන් රුසක් පවතියි.
- රුවන්වැලි මහා සෑය
- මිරිසවැටිය
- අභයගිරිය
- ථූපාරාමය
- ශ්‍රි මහා බෝධිය
- ලෝවාමහාපාය
- මිහින්තලය
- ඉසුරුමුණි විහාරය ආදී බෞද්ධ සිද්ඨස්ථාන රුසක් අනුරාධපුර භූමිය ස්පර්ශ කරගෙන සිටියි. එම ස්වභාව සෞන්දර්ය හා බැදුනගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්ප ඔප කරන්නේ අනුරාධපුරය වැනි වටිනා නගර විසිනි.
එමෙමන් ම කලා ශිල්ප ඇතුළු පෞරාණික වස්තූන් රැසක් ද හිමි වෙයි. සංචාරක ආකර්ෂණය දිනූ නගරයකි.

♥️♥️🙏🌼
ReplyDeleteGood job 👍
ReplyDelete👌👌
ReplyDelete🤩🤩
ReplyDeleteNice 👌 one
ReplyDelete🙏🙏🙏❤️🙏🙏🙏
ReplyDelete😍🥰💥
ReplyDelete🌼❤️
ReplyDelete🤍
ReplyDelete❤️
ReplyDeleteGood job🙏
ReplyDelete